
MINIMALIST LIVING
මගේ කතාව
අවමවාදී වීමට පෙර මගේ කතාවෙන් බිඳක්...
වෙන අයට වගේම මටත් අසීමිත බලාපොරොත්තු ගොඩක් එකතු වෙන්නට වුණා. මම හිතන්නේ අපි අනුන්ගේ ඇස් වලින් ලෝකය දකිනකොට එහෙම වෙනවා. මටත් වුණේ ඒක.
“අනික් අය මොනවහරි හිතයි ඒ නිසා මේ විදියට ඉන්න ඕන ” ඕක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ සාමාන්‍ය ස්වභාවයෙන් පිට තමන්ට ආවේණික රටාවන් ගොඩනඟා ගන්නා ජීවිත වල සතුට ගැන ඒ කාලේ මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ.


