ගෙදර වියදම් පාලනය
මේක ඉතින් හරි සංකීර්ණයි.
හරියට කෑම පාලනය කරගෙන ඇඟ අඩු කරගන්නව වගේ.
මම ඒ උදාහරණය ගත්තේ පහසුවටමයි.
හිතන්න ඔබට ගෙදර වියදම් අඩු කරගන්න ඕන .
නමුත් කොහොමද කරන්නේ කියලා අදහසක් නෑ වෙන්න පුළුවන් .
ගෙදර වියදම් ලක්ෂයයි නම් ඒක එකපාරටම පනස්දාහට අඩු කරන්න උත්සහ කරන්න එපා .
මගේ බර වැඩි නම් මම කෑම වේල් පහක් ගන්නවා නම්,
එකපාරටම කෑම වේල් තුනකට අඩු කරගන්න බෑනේ.
ඒකට කරන්න ඕන එක වේලක ප්‍රමාණය අඩු කරන එක වගේම සෞඛ්‍යමත් ආහාර ගන්න එකත් ව්‍යායාම වලට යොමුවීමත් වගේ නිසි රටාවකට කරගන්න එක.
එහෙම ක්‍රමානුකූලව කාලයක් කරගෙන යනකොට ඔබේ අරමුණට ළං වෙන්න පහසුයි .
ඉතින් මේ වගේම වියදම් පාලනය කිරීමත් ක්‍රමානුකූලව කරන්න ඕන එකක්.
එක මාසෙක සම්පූර්ණ වියදම් පොතක් අරන් ලියන්න .
ආරම්භයේ නම් සියල්ලම ලියන්න ඕන.
නැත්තම් අවබෝධයක් ගන්න බැහැනෙ.
(බස් ටිකට් එකේ මිල පවා.)
මුලින්ම ගත්ත බඩු වලට ඉදිරියේදී මිල සටහන් කරන්න .
ඒ බඩු ඒ මාසයේ වැය වන ආකාරය සටහන් කරන්න.
ඉතුරු වෙන බඩු සහ ඒවායේ ප්‍රමාණ සටහන් කරගන්න.
ඒ අනුව වැය වූ දේවල් සහ ප්‍රමාණ සටහන් කරගන්න.
වැඩි ප්‍රමාණ වලින් ගේන්න පුළුවන් බඩු ලාබදායී වෙලාවට වැඩියෙන් ගේන්න.
උදා. සේදුම් කුඩු ඩිස්කවුන්ට් එකක් තියෙනවා නම් පැකට් දෙකක් ගන්න පුළුවන් .
දැන් මේ විදියට පරිභෝජනය කරන සහ ඉතුරු වෙන බඩු ගැන අවබෝධයක් ගත්තාම ඊළඟ මාසෙට අඩුවෙන් ගන්න ඕන බඩු සහ ප්‍රමාණ ගැන වැටහීමක් එනවා.
මාස කීපයක් මේ ක්‍රමය කලාම බඩු අඩු / වැඩි කරගෙන වියදම් පාලනය කරගන්න පුළුවන් වෙනවා.
ඒ අතරේ ඔබේ බඩු ලැයිස්තුවේ කපා හරින්න පුළුවන් බඩු ගැන අවධානය දෙන්න.
ඔබ සෞඛ්‍යමත් ජීවිතයක් ගෙවන්න කැමති බෙහෙත් අඩුවෙන් බොන්න කැමති කෙනෙක් නම්,
සෞඛ්‍යමත් නොවන ආහාර පරිභෝජනය අඩු කරන්න .
ඒවාට තමයි සාමාන්‍යයෙන් වැඩි මිලක් යන්නෙත්.
ලෙඩ වුණොත් බෙහෙත් වලට යන වියදම් ,පරීක්ෂණ වලට යන වියදම් බොහෝම ඉහළ බවත් අමතක කරන්න එපා.
ගෑස් සිලින්ඩරය සවිකල දා ගැන සටහනක් දාගන්න.
ලිප පිරිසිදුව තබාගැනීමෙන් ගෑස් හානිය වලකනවා.
නිල් දැල්ල පාවිච්චි කරලා අඩු ගින්දරේ කෑම පිසින්න.
ඒක සෞඛ්‍යටත් හිතකරයි .
ලයිට් බිල වතුර බිල මනු කියවන්නා ආ දාම සටහනක් දාගන්න.
යුනිට් ගණන සහ දිනය.
දවස් පහෙන් පහ හෝ කැමති විදියට ඒවා චෙක් කරන්න .
දවසකට යන යුනිට් ගණන ගැන අවබෝධයක් ලබා ගන්න.
ගෙදර වතුර වෑස්සෙන කරාම වගේ ඒවා අලුත්වැඩියා කරගන්න.
ගෙදරින් එළියට යනකොට නිවසට සැපයුම් ජල නළය වසා දමා යන්න.
පාවිච්චි නොකරන විට චාජර් පවා ගලවා විසන්ධි කර තබන්න.
නිකරුණේ වැඩ කරන රූපවාහිනී එහෙම බලන්න කෙනෙක් නැත්තම් ඕෆ් කරන්න .
ඇඳුම් ඔක්කොම එකට අයන් කරන්න .
වොශිං මෙශින් එක පාන්දර ක්‍රියාත්මක කරන්න පුළුවන් .
මිලෙන් වැඩි , වගකීම් කාලයක් තියෙන LED බල්බ් පාවිච්චි කරන්න .
බාල විදුලි උපකරණ පාවිච්චි කරන්න එපා.
කාමරයකින් එළියට එනකොට ලයිට් එක ඕෆ් කරන්න කියලා ගෙදර හැමෝටම මතක් කරන්න.
තව මට අමතක වූ කරුණු එකතු කරන්න .
මීට අමතරව වාහන ඉන්ධන වියදම් , ටෙලිෆෝන් බිල් වියදම් ආදියත් මේකට එකතු කරගන්න පුළුවන් .
හැම මාසෙම බෙහෙත් වලට එහෙම වියදම් යනවා නම් ඒවාත් වෙනම සටහන් කරගන්න.
ඔය ඔක්කොම වගේ අවසානයට එකතු කරගෙන බලන්න.
මෙහෙම සටහන් කරගෙන මාස කීපයක් කරගෙන යනකොට ,
වෙනස් කරගන්න ඕන තැන් පහසුවෙන් බලාගන්න පුළුවන් .
මේ තමයි මම දෙදාස් දාහත වසරේ සිට දරුවන් දෙදෙනා සහ අපි දෙන්නා වෙනම ගෙදරකට ගියාට පස්සේ සැලසුම් කරලා ක්‍රියාත්මක කල ක්‍රමය .
ඒ විදියට ගෙදර වියදම් ගැන හොඳ අවබෝධයක් ගන්නත් පුළුවන් ,
වෙනස් කරන්න උවමනා තැන් පැහැදිලි කරගන්නත් පුළුවන් .
මට නම් මේක බොහෝම සාර්ථක ගෘහ පරිපාලන ක්‍රමයක්.
සුභ දවසක් හැමෝටම
🤜🤛
( 2020 minimalist living facebook සමූහය වෙනුවෙන් ලියූ සටහනක් සටහනක් )