බොහොම කාලෙකට ඉස්සර ,
මටත් තිබුණා ඇඳුම් පිරුණු දොර ඇරියාම බිම ඇඳගෙන වැටෙන්න තරම් ගොඩ ගසා ගත් ඇඳුම් අල්මාරි දෙකක්.
ඒත් ගමනක් යන්න වුණාම අඳින්න ඇඳුමක් නැහැ. අල්මාරි ඇරගෙන කල්පනා කලත් තියෙන එක ඇඳුමක් වත් අඳින්න හිතන්නේ නෑ.
ඒ නිසා ගමනක් යන්න එකක් ගන්න හිතෙනවා. නැත්නම් හිත කණස්සල්ලෙන් තියෙන එකක් ඇඳගෙන යනවා.
ඒ අතරේ තමයි මට හමුවූ හොඳම අවමවාදියාගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධ ක්‍රියා කලාපය මම දකින්නේ .
ඔහුට ඇති මිලෙන් ටිකක් වැඩි ඇඳුම් කිහිපය වෙනස්කම් කරමින් විවිධ අවස්ථා වලට ගලපන අන්දම දුටුවාම මගේ හිතත් ඒකට ඇදිලා ගියා.
ඒ ක්‍රමය මගේ ඇඳුම් පැළඳුම් වලටත් යොදාගන්න මම මුලින්ම උත්සහ කලා.
මම ඒක කරන්න පටන් ගත්තා .
මගේ අල්මාරිය පැහැදිලි වුණා.
අනවශ්‍ය ඇඳුම් වගේම අනවශ්‍ය වියදම් ඉවත් වුණා.
දැන් ,ගමනක් යෑමට නියමිත වූ විගස අඳින්නට අවශ්‍ය ඇඳුම එකවරම සිහියට නැඟෙනවා.
විවාහ උත්සවයක් නම් අද අඳින්නේ කුමක්ද ලබන මාසයේ නැවත විවාහ උත්සවයක් තිබුණත් යම් යම් වෙනස්කම් කීපයක් කර ඒ ඇඳුමම හෝ ඇඳීමට තරම් හැකියාවක් දැන් මටත් තියෙනවා.
ඒ විදියට පුරුදු වුණාම ජීවිතේ හරි සැහැල්ලුවක් දැනෙනවා.
ඔබත් ඒ සැහැල්ලුවේ සැනසිල්ල අත් විඳින කෙනෙක් ද ?
මම මීට ආරම්භයක් ගත් ආකාරය ඊළඟට ලියන්නම්.


