මට කවුරු මොනව කීවත් මම හිනාවෙලා ඉන්නවා.
මගෙ වරදක් නම් අනිවාර්යයෙන් ම හදාගන්නවා.
මගෙ වරදක් නැත්නම් ඒ කෙනා ගැන අනුකම්පා කරලා අමතක කරනවා .
ඉස්සර වත් මම ආපස්සට බණින්න ගිහින් නෑ. නමුත් ඉස්සර මගේ වැරදි කියන අය එක්ක කේන්ති ගත්තා , දුක් වුණා.
ඒවා ගැන කල්පනා කරන්න කාලය යෙදෙව්වා .
ඒ ඔක්කොම හරිම නිශ්ඵලයි කියලා කාලයත් එක්ක මම තේරුම් ගත්තා .
ඒ නිසා මගේ හිත රිදවාගන්න එකත් නවතා දැමුවා.
ඒකෙන් මට මහත් සැනසිල්ලක් දැනෙනවා.
මෙහෙම ඉන්න නිසා කාලෙකින් එහෙම ගැටීම් වගේ අවස්ථා හෝ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා නෑ.
ඒ කියන්නේ මතක ඇති කාලෙක කවුරුත් ගැටෙන්න ඇවිල්ලා නෑ.මම ගැටෙන්න ගිහිනුත් නෑ.
මම ළඟින් ඇසුරු කරන අය බොහෝම සීමිත වීම සහ අත්‍යාවශ්‍ය දේවල් වලදී ඕනෑම කෙනෙක් එක්ක හොඳ අවබෝධයකින් සම්බන්ධ වීමට ඇති හැකියාව නිසා ගැටුම් නැතුව සතුටින් ඉන්න පුළුවන් කියන එක අත් විඳිනවා.
Minimalism ගැන ඉගෙන ගන්න සොයන්න පටන් ගත්තාට පස්සේ ජීවිතයට ඒ දේවල් එකතු කරගන්න පටන් ගත්තට පස්සේ භෞතික දේවල් , භෞතික අවශ්‍යයතා වලට කලින් ( අවමවාදී මනස පුහුණු කිරීම ) mindset practice හරිම වැදගත් බව තේරෙනවා.
සතුටින් ඉන්න.
කොයිම තැනක වුණත් නොගැටී ඉන්න පුහුණු කලාම හරි සැහැල්ලුයි 🤗

