Categories
අවමවාදී පවුල

දරුවන් එක්ක අත්දැකීම් සහ මතක අහුලාගන්න කාලය කොයිතරම් සුන්දර ද …

ඇස් පියන් ගහන සැණින් දරුවන් ලොකු වෙනවා. පුංචිම කාලේ කකුලේ තියාගෙන නිදි කරවපු දවස්, දුර ඇවිදපු කාල ..මේ වෙනකොට මතකයන් වෙලා අවසන් .

මම ඒ දෙන්නා නිදාගන්න යන සමහර දවස් වලට එයාලාට යනකල් එතන රැඳෙන්නේ නැහැ.
ඒ වුණත් දෙන්නටම ඕනෑ මාව ගෙන්වගෙන නින්ද යනකල් තියාගන්න. මොනවහරි කියවන්න , ඒ නැතත් ඔයා වාඩි වෙලා හරි ඉන්නකො අම්මී කියලා කියනවා.

සමහර දවස් වලට එහෙම ආවාම අපි තුන් දෙනා කියව කියව ඉන්නකොට ගොඩක් රෑ වෙනවා.

එහෙම වුණත් ඒක හරි වටිනා කාලයක් , සමහරවිට පැයක් විතර . 💙

මොකද මට මඟ ඇරෙන්නේ ෆේස්බුක් එකට හරි යූටියුබ් එකට හරි රිංගන කාලය. ඉතින් ඊට වඩා හැබෑ ජීවිතය , මේ ගෙවන කාලය මොනතරම් වටිනවාද ..

ඔහොම ගෙවෙන කාල දන්නෙම නැතුව අවසන් වෙනවා.

අපේ දරුවන්ට දැන් අපි ළඟට ඇවිත් කියව කියව ඉන්න වෙලාව නැහැ කියලා ළඟදී දවසක හිතවත් සොයුරියක් කීවා වගේම ,
මම දවසක් ෆේස්බුක් සටහනකත් දැක්කා දරුවන් ආදරයෙන් වැළඳගන්න පුළුවන් කාලේට ඒක මඟ අරින්න එපා සහ වඩා ගන්න පුළුවන් වෙන අවසන් දවස කවදාදැයි කියන්න බැහැ කියලා .

ඕක මතක් වෙලා මම ගිය සිකුරාදා පුතාව වඩා ගන්න උත්සහ කලා නමුත් මට දැන් ඔහුව වඩාගන්න නොහැකි තරමට ඔහු බර නිසා අපි දෙන්නම ඇදගෙන වැටුණා.
ඒක කලින්ම කතා කරගෙන වැටුණත් අවුලක් නැති තැනක තමයි මම ඔහුව වඩා ගත්තේ .


ඉතින් අපි දෙන්නටම හිනා !!

මම ටික වෙලාවක් අතීත මතක වලට ගිහින් කල්පනා කලා.
ඔහුව අවසන් වරට වඩා ගත් දවස මට දැන් මතක නැහැ.

ගිය අවුරුද්දේ වෙන්න ඕන . අපි ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ! ඔව් ඒ කාලේ ඔහු මීට වඩා බර පොඩ්ඩක් හරි අඩු නිසා, මට යාන්තම් මතකයි මේ නිවසට එන්න කලින් අපි මුලින්ම ආව නිවසේදී වඩා ගත් බව !!

පවුලක් විදියට ගෙවල් පිරිලා තියෙන කාලය අසීරුතා දැනෙන්නට පුළුවන් බව ඇත්තක් වුණත් , සමහර දේවල් සිදුවන්නේ අවසන් වතාවට කියලා දැනෙන්නෙ නැහැ.

අපි මේ ඉන්න විදිය හොඳයි නේද අම්මී?
අපිට මේ තියෙන දේවල් ඇති නේද ?
කොහෙ හිටියත් අපි හතරදෙනා එකට ඉන්න එක තමයි හොඳම දේ කියලා
එයාලා කියන එකට මම කැමතියි .

සුන්දර මතකයන් එක්කලා, දරුවන් ඉක්මනින් ලොකු වෙනවාට මම කැමතියි.

මේක ලීවේ අද එයාලාට නින්ද යනකල් එතන හිටපු වෙලාවෙන් පස්සේ විනාඩි දෙකක් අරන් !

5 replies on “දරුවන් එක්ක අත්දැකීම් සහ මතක අහුලාගන්න කාලය කොයිතරම් සුන්දර ද …”

ගොඩාක් වැදගත්. හරිම ආකර්ශනීය සිත් ගන්නා සුලු ආකාරයට ඉදිරිපත් කරලා ඔයා. කොහොමත් මං ඔයාගෙ post ටික කලක ඉදන් කියවනවනෙ. හරිම ආසාවෙන් ඒවා කියවන්නෙ . Congratulations dear!! 💚💚💜️💜️👍👍

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *