Categories
Sinhala Categories අවමවාදී පවුල

මේ ජීවිතය ඇත්තේ විඳින්නටයි

කොයිතරම් කාර්‍යබහුල වෙලා තමන්ගේ පවුල මඟ ඇරෙන හස්බන්ඩ් , වයිෆ් මඟ ඇරෙන අය සමහරවිට ගෙදර කෙනෙක් ගෙ පාටියකදී විතරක් මුණගැහෙනවා වෙන්න පුළුවන් !

උදේ පාන්දරම ගෙදරින් ගියාම මහා රෑ ආවම මේසෙට බෙදපු බත් එක කාලා ආයම උදේම ගෙදරින් යන අය ඇති.


සෙනසුරාදා ඉරිදා වුණත් ගෙදර බඩු ගේන්න , ළමයි අමතර පන්ති එක්ක යන්න වගේ වැඩ එක්ක කාර්‍ය්බහුල වෙන අය ඇති .

අම්මා හෝ තාත්තා පමණක් දරුවන් එක්ක අනික් කෙනා විදෙස්ගත වෙලා නම් දීර්ගකාලීනව ඒක පුරුද්දක් කරගත් අයත් ඉන්නවා. සමහර අයට මුදල් අංක එක වුණාම පවුල අමතකයි.

“යනව නම් යන තැනක ඔක්කොම එකට ” මට මතකයි ඉස්සර මාමා කෙනෙක් ඔය කතාව කියනවා. ඒක ඇත්ත . පවුලක් නම් දුක සැප එක්ව බෙදාගන්න ඕන !

සමහර සම්බන්ධතා තියෙනවා , අඳුරේ එකිනෙකා වත් නොදැක අවශ්‍යතාවයන්ට පමණක් සීමා වුණ !

කොහොම වුණත් හැමෝම ඒ වගේ කාර්‍යබහුල නැහැ.

අවමවාදී ජීවනරටාවකට ඇළුම් කරන ඊට හුරු වූ අයට තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් වෙන් කරන්න ඕනෑතරම් කාලය තියෙනවා .

එකිනෙකා වෙනුවෙන් සවන් දෙන්න , විහිලුවක් කරලා හිනාවෙන්න , පරණ කතාවක් කියන්න ,
දරුවන්ට කතන්දරයක් කියන්න , ඒ අයගේ කෝලමක් බලන් ඉන්න, කෑම ටිකක් කවන්න …..
මේ ඕනම දෙයක් වෙනුවෙන් අවශ්‍යතාව තියෙන අය වෙලාව වෙන් කරන්න දන්නවා.

අපේ සියල්ලක්ම තෝරාගැනීම් .
ජීවනරටාව කියන්නේත් තෝරාගැනීමක්.

දරුවන්ගෙන් මිඳිලා එක්ව මූවී එකක් බලන වෙලාව ,
පොඩි රවුමක් දාලා එන එක ,
හිනාවෙලා තේ කෝප්පයක් රස විඳින වෙලාව හරි පොඩි දේවල් වුණත් කොයිතරම් මිහිරි අවස්ථා ද කියලා ඒ දේවල් අත්විඳින අය දන්නවා ඇති .

ඔයා ඔයාගේ සහකරු හෝ සහකාරිය එක්කලා පැයක් / දෙකක් ඩිවයිස් එකකින් එක්ව එකම ගීත රසවිඳලා තියෙනවා ද ?….

ඒකත් හරිම අපූරු අත්දැකීමක් !

කාටද මේවට වෙලාව තියෙන්නේ,
ජීවිතයේ සෑම දවසකම ආදරණීය මතක එකතු කරන සැහැල්ලු සන්සුන් ජීවිත ගෙවන්නන්ටමයි !

අවමවාදී ජීවන රටාව කියන්නේම ‍රසවත් විඳීමක්.. !

Collect memories , Not things
Life goes smoothly !!

Live , before die !!!