මම හදාගත් මගේ අඩුපාඩු ගැන කියන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ.
මම
ඉස්සර , ඕනෑම තැනක කතාව ඉස්සර කරගන්න දක්ෂ කෙනෙක් !
පාසැල් කාලේ .. ඊට පස්සෙත්!
මගේ සහකරු මට මුණගැහෙන්නේ අවුරුදු දාහතෙන් , ඔහු කතාව අඩු නෙවේ, කතාව නැතිම කෙනෙක් !
මට ඒක පෙනුනේ මහ අමුතු දෙයක් විදියට ! වෙලාවකට මට හරිම කේන්තියි.
යමක් ඇහුවාම නෑහුණා වගේ ඉන්නකොට ආයේ ආයේ ඒකම අහන පුරුද්ද මට තිබුණා.
ඒත් ඔහු නිහඬයි,
සමහරවිට ප්‍රතිචාරය මඳ සිනාවක් පමණයි.
ඒ තුලින් කාලයත් එක්ක මම බොහෝ පාඩම් ඉගෙන ගත්තා .මම වෙනස් විය යුතුම බව මම තේරුම් ගත්තා .
ඔහු කොයිතරම් ඉවසීමෙන් ඒ දේවල් දරාගන්නට ඇද්දැයි මට තේරුම් ගන්න බොහෝ කාලයක් ගියා.
ඒ වගේම ඒ විදියට ප්‍රතිචාර දැක්වීම කොයිතරම් අගනේදැයි තේරුම් ගන්නටත් මට අවුරුදු පහක් හයක් ම ගියා.
විවාහයට පෙර පූර්ණ වශයෙන්ම මම ඒ දේවල් හොඳින් තේරුම් ගත් නිසා අපේ මේ ගෙවුණු කාලය බොහෝම සැනසිල්ලෙන් ගෙවී ගියා.
අවමවාදය කියන්නේ, භෞතික වස්තූන් අවමව පවත්වාගැනීම හෝ පරිභෝජනය පමණක්ම නොවන බව මම තේරුම් ගත්තේ මේ දේවල් ගැන සොයන්න කියවන්න පටන් ගත් පසුයි.
අවමවාදී මනස පුහුණු කිරීම ( minimalist mindset) කියන්නේ අවමවාදී ජීවන රටාවට අත්‍යාවශ්‍යම දෙයක් !
හැමදේටම කලින් ටිකෙක් ටික මනස පුහුණු කිරීම
අනවශ්‍ය කතා අඩු කිරීම
ඒ තුලින් මනා ලෙස සවන්දීමට හැකි වීම
වගේම
යහපත් සන්නිවේදන ක්‍රියාවලියක් පවත්වාගැනීම
සන්සුන් නිස්කලංක මනසක්
ගැටලුකාරී නොවන
මානසික ආතතීන් අවම අභ්‍යන්තර සහ බාහිර පරිසරයන් ගොඩනඟන්නට හැකි බව
මම අත්විඳින්න පටන් ගත්තා .
සියල්ල සර්ව සම්පූර්ණ මිනිසුන් නැත.
නමුත් තමා විශ්වාස කරගෙන තමන්ව දකින්නට හැකි නම් අඩුපාඩු වැරදි නිවැරදි කරගෙන ජීවිතය සතුටින් ඉදිරියට ගෙනයාම ඉතාම පහසුය.
සුභ දවසක් 🦋

