නංගී ඊයේ සහතිකය සහ තෑගි ගන්න ගිය වෙලාවේ ඔයාට මොකද හිතුණේ.. ?
Happy or jealousy Or angry or sad ?
මම පුතාගෙන් තනියම ඉන්න වෙලාවක් බලලා හෙමීට ඇහුවා.
I was very happy and big clapped! පුතා කීවේ එහෙමයි.
මම පුතගෙ ඔලුව අතගලා සතුට ප්‍රකාශ කලා.
“ඔයාලා දෙන්නම එක එක ඒවාට දක්ෂයි. මතකයි නේද ඔයා හොඳම සොකර් ප්ලේයර් වුණ වෙලාවේ නංගී ග්‍රවුන්ඩ් එකට පැනලා නටපු සතුට !
ඔයාලා දෙන්නම එහෙම තමයි ලොකු වෙන්න ඕන .
එක එක්කෙනාගෙ දිනුම වගේම පැරදුම එක්ක සහයෝගෙන්. අපි නැති කාලෙටත් ඔයාලා දෙන්නා අතර තියෙන්න ඕන පුංචි කාලේ වගේම එකමුතුවක් .”
ඔය වගේ අවස්‍ථා ආවම දෙන්නා එක්කම මම වෙන වෙනම කතා කරනවා.
දරුවන් වැඩිපුර bully වෙන්නෙ ගෙදරින් ! ඒක මඟ අරින්න අපි දැනගන්න ඕන.
මට මතකයි ඉස්සර මගෙ මිතුරියක් එයාගෙ අයියයි මල්ලියි එක්ක තරහයි . ඒකට බලපෑවේ එයාගෙ අම්මා තාත්ත දරුවන්ට කල ලොකුම බලපෑම . එයා ඒ ගැන නිතරම කියා තියෙනවා.
තනියම හැදෙන දරුවෙක් වුණත් සහකම්පනය නැත්නම් සමාජයට ගියාම අවුලක් !
ඒ වුණත් මේවා අමාරු දේවල් නෙවේ. අවබෝධය තමයි වැදගත් .
Comprehensive parenting !
අද සෙනසුරාදා . අපිට ඉතින් ටියුෂන් පන්ති පස්සෙ දුවන්න නැහැනේ.
ගිය සෙනසුරාදා පුතාගේ කැමැත්තට ලේක් පාර්ක් එකේ හොඳට සෙල්ලම් කරලා ආවා.
එදා අපිට යන්න වෙලාව මදි වූ නිසා, අද පුස්තකාලයට යන්න ඕනෑ කියලා එදාම දුව මාව පොරොන්දු කර ගත්තා .
පුස්තකාලයේ පැය කීපයක් ගත කරලා හැමෝම ආසා දේවල් කන්න බොන්න අරන් දීලා දවසේ වරුවක්ම එළියේ ගෙවලා ගෙදර ආවා.
නිවාඩු දවසට දරුවන්ගේ තිර කාලය ( screen time ) අවම කරන්නට කල හැකි දේ බොහෝමයි.
ඒ අතර පුස්තකාලය සහ පාර්ක් එක කියන්නේ වඩාත් හොඳ තැනක් .



10 replies on “දරුවන් එක්ක ගෙවෙන ලස්සන දවස් ..”
Godak hoday mis
ස්තුතියි 🌸
ඉතාම වැදගත් සටහනක්,ලංකාවෙතියෙන දිවිල්ලත් එක්ක බොහොම අමාරුයි එහෙම කරන්න,කොච්චර හිතන් හිටියත් basic දේවල් කරල ඉවර වෙනකොට ළමයි වෙනුවෙන් කාලය තමයි නැති වෙන්නෙ.🤔
පවුල මූලික කරගන්න අයට උත්සහ කලොත් පුළුවන් ✌️ අපිත් ගිය අවුරුද්ද වෙනකල්ම ලංකාවේ නේ ජීවත් වුණේ .
හරිම සතුටුයි.අපිට නම් සති අන්තය විවේකය අඩුයි.PH දින වල නම් දරුවන්ට උපරිම සතුට නිදහස් පරිසරයකදි ලබා දෙනවා.
පුළුවන් වෙලාවට හරි එහෙම කරන එක වටිනවා. ස්තුතියි අදහස් වලට.
හරි අගෙයි.. මාත් මේක කරන්න ඕන.. දැන් නම් දෙන්නා එක්කම එකට තමයි කතාව.. දුව එක්ක නම් තාත්තා තමා ඉතිං වැඩිපුර කතාව සහ උපදේශනය
ස්තුතියි 🌸
ඔයාගේ අකුරු හරියට මැජික් එකක් වගේ…..
ඉතා වටිනවා, මේ විදියට දරුවන්ගේ ළමා කාලයට ඔවුන්ට අත්දැකීම් එක් කර දීම හා වටිනා ආකල්ප දරුවන් හා බෙදා ගැනීම!