Categories
අවමවාදී පවුල

දරුවන් එක්ක ගෙවෙන ලස්සන දවස් ..

නංගී ඊයේ සහතිකය සහ තෑගි ගන්න ගිය වෙලාවේ ඔයාට මොකද හිතුණේ.. ?


Happy or jealousy Or angry or sad ?

මම පුතාගෙන් තනියම ඉන්න වෙලාවක් බලලා හෙමීට ඇහුවා.

I was very happy and big clapped! පුතා කීවේ එහෙමයි.

මම පුතගෙ ඔලුව අතගලා සතුට ප්‍රකාශ කලා.

“ඔයාලා දෙන්නම එක එක ඒවාට දක්ෂයි. මතකයි නේද ඔයා හොඳම සොකර් ප්ලේයර් වුණ වෙලාවේ නංගී ග්‍රවුන්ඩ් එකට පැනලා නටපු සතුට !

ඔයාලා දෙන්නම එහෙම තමයි ලොකු වෙන්න ඕන .

එක එක්කෙනාගෙ දිනුම වගේම පැරදුම එක්ක සහයෝගෙන්. අපි නැති කාලෙටත් ඔයාලා දෙන්නා අතර තියෙන්න ඕන පුංචි කාලේ වගේම එකමුතුවක් .”

ඔය වගේ අවස්‍ථා ආවම දෙන්නා එක්කම මම වෙන වෙනම කතා කරනවා.

දරුවන් වැඩිපුර bully වෙන්නෙ ගෙදරින් ! ඒක මඟ අරින්න අපි දැනගන්න ඕන.

මට මතකයි ඉස්සර මගෙ මිතුරියක් එයාගෙ අයියයි මල්ලියි එක්ක තරහයි . ඒකට බලපෑවේ එයාගෙ අම්මා තාත්ත දරුවන්ට කල ලොකුම බලපෑම . එයා ඒ ගැන නිතරම කියා තියෙනවා.
තනියම හැදෙන දරුවෙක් වුණත් සහකම්පනය නැත්නම් සමාජයට ගියාම අවුලක් !
ඒ වුණත් මේවා අමාරු දේවල් නෙවේ. අවබෝධය තමයි වැදගත් .
Comprehensive parenting !

අද සෙනසුරාදා . අපිට ඉතින් ටියුෂන් පන්ති පස්සෙ දුවන්න නැහැනේ.
ගිය සෙනසුරාදා පුතාගේ කැමැත්තට ලේක් පාර්ක් එකේ හොඳට සෙල්ලම් කරලා ආවා.
එදා අපිට යන්න වෙලාව මදි වූ නිසා, අද පුස්තකාලයට යන්න ඕනෑ කියලා එදාම දුව මාව පොරොන්දු කර ගත්තා .

පුස්තකාලයේ පැය කීපයක් ගත කරලා හැමෝම ආසා දේවල් කන්න බොන්න අරන් දීලා දවසේ වරුවක්ම එළියේ ගෙවලා ගෙදර ආවා.
නිවාඩු දවසට දරුවන්ගේ තිර කාලය ( screen time ) අවම කරන්නට කල හැකි දේ බොහෝමයි.
ඒ අතර පුස්තකාලය සහ පාර්ක් එක කියන්නේ වඩාත් හොඳ තැනක් .

Categories
ඉවත් කිරීම් මනස පුහුණු කිරීම

Minimalism කියන්නේ decluttering ද ?

කාලයක් තිස්සේ කෙනෙක් ආසාවෙන් එකතු කල දේවල් කාගෙහරි කීමකට නැත්නම් බලෙන්ම ඉවත් කරන්න වුණොත් අවසානේ හිතේ මිනිමලිස්ම් තමයි නැතිවෙලා යන්නේ….

දවසක සිදුවූ පොඩි සිදුවීමක් එක්ක මේ ගැන ලියන්න හිතුණේ , minimalism කියන්නේ decluttering වලට එහා ගියපු ලොකු දෙයක් නිසා.

ඉවත් කිරීම හොඳයි , අපහසු නම් අකමැති නම් !!
නමුත් ආසාවෙන්ම තියෙන එකතුවක්
ඒ කියන්නේ පොත් වෙන්න පුළුවන් , කෑම ව්‍යාපාරයක් කරන කෙනෙක්ට නැත්නම් විනෝදාශයක් විදියට කෑම හදන කෙනෙක්ට තියෙන මුලුතැන්ගෙයි විවිධ උපකරණ වෙන්න පුළුවන් , කෑම පිළිගන්වන බඳුන් වෙන්න පුළුවන්
මේ කුමක් වුණත්
කැමැත්තෙන් නම් ඒවා තියෙන්නේ ඉවත් කලාට පස්සේ සතුටත් පලා යනවා නම් එතන ඇති අවමවාදී බවක් නැහැ!

අවමවාදී වීම කියන්නේ තමන්ගේ උවමනා එපා කම් හරිහැටිම අවබෝධ කරගෙන , කැමති දේවල් එක්ක සතුටින් ජීවත් වෙන අතරේ අනවශ්‍ය දේවල් තිබේ නම් ඉවත් කිරීම.

ඒ ඉවත් කිරීමට
භෞතික වස්තු පමණක්ම නෙවේ,
පුද්ගලයින්, තමන්ගේම සිතුවිලි , සිදුවීම් , අවස්ථා , ඩිජිටල් ඩිවයිස් වලින් එන යෙදුම් ඇතුලු … මේ ඕනම එකක් අයිතියි.

ආරම්භක අවධියේ මේ ගැන සිතන කෙනෙක් , minimalism කියන්නේ ඉවත් කිරීම්‍ ය කියලා සිතුවොත් එතනින්ම ඒක එපා වෙලා යන්න පුළුවන් . ඊට එහා ගිය බොහෝ වටිනාකම් මේ සංකල්පය ඔස්සේ යන කෙනෙක්ට දැනගන්න, ඉගෙන ගන්න , අත් හදා බලන්න හැකි වෙනවා.


මෙහි හැබෑම අවශ්‍යතාව හඳුනාගත් කෙනෙක්ට තමයි මේ මාවත දිගේ විවිධ දේවල් සොය සොයා ඉස්සරහට යන්න හිතෙන්නේ.

කාගෙවත් කීමකට නොවේ,
ඔබේ කැමැත්ත , ඔබේ තීරණය කරගන්න . එතකොට ජීවිතය හරි සන්සුන් සැනසිලිදායකයි ✌️

පින්තූරය – හිස් මුලුතැන්ගෙය