Categories
අවමවාදී පවුල

දරුවන් එක්ක ගෙවෙන ලස්සන දවස් ..

දරුවන් බොහෝම ඉක්මනින් ලොකුවෙනවා.
ඉපදීමත් තනියම සමාජයට පය තැබීමත් අතර කාලයේ දෙමාපියන්ට දරුවන් සම්බන්ධයෙන් හිතන්නට ඇති කාරණා සුලුපටු නොවේ.

ඒ වුණත් අවබෝධයෙන් ජීවත් වෙනවා නම් ඒ දේවල් අපහසු නැහැ.

නංගී ඊයේ සහතිකය සහ තෑගි ගන්න ගිය වෙලාවේ ඔයාට මොකද හිතුණේ.. ?


Happy or jealousy Or angry or sad ?

මම පුතාගෙන් තනියම ඉන්න වෙලාවක් බලලා හෙමීට ඇහුවා.

I was very happy and big clapped! පුතා කීවේ එහෙමයි.

මම පුතගෙ ඔලුව අතගලා සතුට ප්‍රකාශ කලා.

“ඔයාලා දෙන්නම එක එක ඒවාට දක්ෂයි. මතකයි නේද ඔයා හොඳම සොකර් ප්ලේයර් වුණ වෙලාවේ නංගී ග්‍රවුන්ඩ් එකට පැනලා නටපු සතුට !

ඔයාලා දෙන්නම එහෙම තමයි ලොකු වෙන්න ඕන .

එක එක්කෙනාගෙ දිනුම වගේම පැරදුම එක්ක සහයෝගෙන්. අපි නැති කාලෙටත් ඔයාලා දෙන්නා අතර තියෙන්න ඕන පුංචි කාලේ වගේම එකමුතුවක් .”

ඔය වගේ අවස්‍ථා ආවම දෙන්නා එක්කම මම වෙන වෙනම කතා කරනවා.

දරුවන් වැඩිපුර bully වෙන්නෙ ගෙදරින් ! ඒක මඟ අරින්න අපි දැනගන්න ඕන.

මට මතකයි ඉස්සර මගෙ මිතුරියක් එයාගෙ අයියයි මල්ලියි එක්ක තරහයි . ඒකට බලපෑවේ එයාගෙ අම්මා තාත්ත දරුවන්ට කල ලොකුම බලපෑම . එයා ඒ ගැන නිතරම කියා තියෙනවා.
තනියම හැදෙන දරුවෙක් වුණත් සහකම්පනය නැත්නම් සමාජයට ගියාම අවුලක් !
ඒ වුණත් මේවා අමාරු දේවල් නෙවේ. අවබෝධය තමයි වැදගත් .
Comprehensive parenting !

අද සෙනසුරාදා . අපිට ඉතින් ටියුෂන් පන්ති පස්සෙ දුවන්න නැහැනේ.
ගිය සෙනසුරාදා පුතාගේ කැමැත්තට ලේක් පාර්ක් එකේ හොඳට සෙල්ලම් කරලා ආවා.
එදා අපිට යන්න වෙලාව මදි වූ නිසා, අද පුස්තකාලයට යන්න ඕනෑ කියලා එදාම දුව මාව පොරොන්දු කර ගත්තා .

පුස්තකාලයේ පැය කීපයක් ගත කරලා හැමෝම ආසා දේවල් කන්න බොන්න අරන් දීලා දවසේ වරුවක්ම එළියේ ගෙවලා ගෙදර ආවා.
නිවාඩු දවසට දරුවන්ගේ තිර කාලය ( screen time ) අවම කරන්නට කල හැකි දේ බොහෝමයි.
ඒ අතර පුස්තකාලය සහ පාර්ක් එක කියන්නේ වඩාත් හොඳ තැනක් .

10 replies on “දරුවන් එක්ක ගෙවෙන ලස්සන දවස් ..”

ඉතාම වැදගත් සටහනක්,ලංකාවෙතියෙන දිවිල්ලත් එක්ක බොහොම අමාරුයි එහෙම කරන්න,කොච්චර හිතන් හිටියත් basic දේවල් කරල ඉවර වෙනකොට ළමයි වෙනුවෙන් කාලය තමයි නැති වෙන්නෙ.🤔

Ronithi Sardathilake වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *