ලෙඩක් හැදීගෙන එනකොට , යම් කායික අපහසුතාවයක් ඇති විට කේන්ති එන්න පුළුවන් .
වේදනාවන් එක්ක මානසික සුවදායීතාවය අතුරුදන් වෙලා යන එක සාමාන්‍යයි.
ඉස්සර , ඒ කියන්නේ අවුරුදු අටකට නවයකට කලින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු අසනීප තත්වයන් වුණත් මතු වෙත්ම මනෝභාවයන් වල වෙනස නිසා ,
මගේ අවට ඉන්නා අය එයින් කොයිතරම් පීඩාවිඳින්නට ඇද්ද කියලා මම දන්නේ නැහැ.
මනස පුහුණු කිරීම කියන වටිනාම ගුණාංගය අනික් සෑමදේකටම වඩා ඉහළින් ඇති දෙයක් විදියට
අමවවාදී ජීවනරටාවට අනුගත වෙන්න පටන් ගත් කාලේම දැනෙන්නට ගත් නිසා ටිකෙන් ටික මගේ යහපත් වෙනස්කම් පරීක්ෂාවට ලක් කරන්න මම පුරුදු වුණා.
කායික අපහසුතාවයකදී සන්සුන් මනසක් තබා ගන්නට ටිකෙන් ටික පුහුණු කලා.
අසනීපයක් වුණාම ඉක්මනින් සුව වෙන්න එයින් ලැබෙන රුකුල අතිමහත් !
කරන්නට නොහැකි දේවල් ගැන වද වෙනවා වෙනුවට අසනීපයෙන් ඉන්නා විට බෙහෙත් , කෑම , වතුර සහ විවේකය කියන දේ ප්‍රමාණවත්ව ගැනීමෙන් ඉක්මනින් සුව වෙන්නට ඉඩ ලැබෙනවා.
එතනදී මානසික සුවදායීතාවය අංක එකටම එනවා.
සහයෝගය ලැබෙන පවුලක් තුල මේ දේ කිරීම ඉතාම ප්‍රායෝගිකයි.
මේක සහකරු හෝ සහකාරිය තෝරාගැනීම නිවැරදිවම කරන්න ඕනෑ ආයෝජනයක් කියලා හොඳටම දැනෙන්න ගන්න අවස්ථාවක් !!!!!!
තනියම නිවසින් හෝ ඈත් වෙලා ඉන්නා කෙනෙක්ට වුණත් කෑම ගෙන්වාගන්නා වැඩ පිළිවෙළක් සකසා ගත්තාම විවේකෙන් ඉඳලා ඉක්මනින් සනීප වෙන්න පුළුවන් .
රෙදි සෝදනය වැනි වැඩ පහසු කරවන උපකරණ එක්ක ඉස්සර වගේ පැල් බැඳගෙන රෙදි සේදීම් ආදියත් කරන්නට ඕනෑ නැති නිසා,
අනික් වැඩ සියල්ල පසුවට කල් තියන්න තරමට අවශ්‍ය නොවෙන්නෙත්, අවමවාදී නිවසක් තුල විශේෂයෙන් නිර්මාණය වන භෞතික අවුල්ද අඩු නිසා.

