මම සතුටින් නම් විතරමයි මා වටේ ඉන්න අය සතුටින් ඉන්නේ වගේම මට සතුට බෙදන්න පුළුවන් .
ඒ නිසා මම සතුටින් තියන එක ප්‍රථම රාජකාරිය කරගන්නවා.
මම ඒ වෙනුවෙන් කරන දේවල් ලියන්න කියලා කීපදෙනෙක්ම පුද්ගලික පණිවිඩ එවා තිබුණා.
ඒ නිසයි මේ සටහන.
📌 අවුරුදු විසි හත ඒ කියන්නේ පුතා ලැබෙන්න හිටපු අවුරුද්දේ පටන් සෑම අවුරුද්දකම මූලික රුධිර පරීක්ෂණ ටික කරගන්නවා.
📌 අවුරුදු 35 දී සුවනාරී සායනයේ සිදු කරන පරික්ෂාවන්ද කර ගත්තා . (මේවාගෙන් බෝ නොවන රෝග අවධානම බලාගන්න පුළුවන් ) දැන් මගේ වයස අවුරුදු තිස් හයයි .
📌 මගේ ආහාර රටාව ගැන මම සැලකිලිමත් .
📌 කායික මානසික සමබරතාවය වෙනුවෙන්
ප්‍රමාණවත් නින්ද , විවේකය ලබාගන්න අවමවාදී. ජීවනරටාව මට ලොකු උපකාරයක්.
📌 පුරුද්දක් විදියට පුහුණු කල භාවනා සහ යෝගා ව්‍යායාම වල යෙදෙනවා.
📌 කා එක්ක වුණත් කතා කරන වචන ගැන සැලකිලිමත් වෙනවා.
වැරදීමකින් හෝ හිත් රිදීමක් වුණොත් හැකි ඉක්මනින් සමාව ගන්නවා. දරුවන්ගෙන් පවා.
ඒ නිසාම ඒ අයත් ඒ අයගෙන් වෙන පුංචි දේකදි වුණත් සමාව ගන්න පුරුදු වෙලා ඉන්නවා. (අපි කරන කියන දේ තමා එයාලා දකින්නේ)
📌 මගේ අභ්‍යන්තර ගුණාංග ගැන මම වඩාත් සැලකිලිමත් වෙන්න පටන් ගත්තේ තරමක අවබෝධයක් ආවට පස්සේ.
📌 කෝපය හෝ කේන්ති ගැනීම , දුක් වීම කණස්සල්ලෙන් සිටීම , දොස් , අඩුපාඩු කතා කිරීම වගේ දේවල් වලින් හැකිතාක් වැළකී සිටිනවා.
📌 සතුට , සැහැල්ලුව , මානසික සුවය ගෙනෙන පුංචි පුංචි දේවල් ගැනත් වැඩි අවධානයකින් ඉන්නවා.
📌 සිතුවිලි ගැන පවා මම පරිස්සම් වෙනවා, මොකද අපි සිතන දේ කාන්දමක් වගේ ආකර්ෂණය වෙනවා. යහපත සිතුවාම යහපතම ලැබෙන සැබෑවක් !
📌 බාහිර රූපයෙන් මම ඉස්සර මම ගැන හිතපු අවතක්සේරුවෙන් මිඳිලා මම කියන්නේ මේ ලෝකයට මම පමණයි , ඒ නිසා මම විශේෂ යි. මට කල හැකි දේ බොහෝයි කියලා ඉන්නා කාලයේ හොඳින් සතුටින් ඉන්න ඕන බව අවබෝධ කරගෙන ඉන්නවා.
කන්නාඩියෙන් උදේට මටම සිනා වෙලා සුභ පතනවා.
📌 සරල රූපලාවණ්‍ය සත්කාර කරනවා.
වයසට යනවා ළමයින් ලොකු වෙන නිසා මං අම්මා කියලා ඔහේ ඉන්නේ නැතුව මට ආසා දේවල් සරලව කරලා මාව පරිස්සම් කරනවා. අම්මා ලස්සනට දකින්න දරුවන් ආසයි. ඒක එයාලගෙන්ම මම අහගන්නවා.
📌 මම වෙනුවෙන් ම කෑම පිළියෙල කරනවා.
කවුරුත් නැති සමහර උදේ වරුවල මම නිවසේ නම්, අනෙක් අය නිවසින් ගියාම මම උදේ ඇවිදින දුර සම්පූර්ණ කරලා ඇවිත් මට ආසම දෙයක් පිළියෙල කරගෙන නිදහසේ සින්දුවක් එහෙම අහගෙන කනවා.
📌 මම ආසා වෙනත් විනෝදාශ වල යෙදෙනවා. තනියම ඇවිදින්න , සොබාදහමේ අසිරිය පින්තූර ගන්න, ආසා දේවල් ලියන්න කාලය ගන්නවා.
📌 කැමති දේවල් ඉගෙන ගන්නවා.
( අදත් ඉන්නේ lifestyle related online session එකක )
📌 මට දේවල් ගොඩගසා ගන්න හිතෙන්නේ නැති නිසා කලාතුරකින් හෝ ආසා දෙයක් මිලට ගන්න හිතුණොත් ඒ ගැන තොරතුරු සොයලා වඩාත් හොඳ දෙයක් මිලට ගන්නවා.
මේ විදියට මාව පරිස්සම් කලාම මම ඉන්නේ සතුටින් . එතකොට මා වටා ඉන්නා අයගේ සතුටත් බොහෝමයි.
ඕනෑම කෙනෙක්ට සතුට බෙදන්නත් මට ලේසියෙන්ම පුළුවන් !
ඔයාලාට හරියන දේවල් සමහරවිට මේ සටහනේ ඇති . එහෙම නම් ඒ දේ ගන්න.
තව ඔයාලගේ කරුණු ත් ලියන්න .
ලැබූ ජීවිතය පරිස්සම් කරගන්න .සතුටින් ඉන්න 🤗

